.
නැගෙනහිර පස්දුන් කෝරළයට අයත් පාලින්දනුවර බල ප්‍රදේශය උතුරින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම හා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්
දකුණින් ගාලු දිස්ත්‍රික්කයේ තවලම හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්
බටහිරින් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම් වී ඇත. පාලින්දනුවර බල
ප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් සභා බල ප්‍රදේශයන්ට වඩා විශාල භූමි භාගයකට හිමිකම් කියයි. මෙහි
මුළු භූමි ප්‍රමාණය ව.ක.මී. 286.03 කි. පාලින්දනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ග්‍රාම නිළධාරි වසම් 43
කි.
පාලින්දනුවර ඓතිහාසික පසුබිම පිළිබදව විමසීමේදී එහි ඉතිහාසය රජ සමය දක්වා දිවේ. අනුරාධපුර යුගයේදී
රුහුණු, පිහිටි, මායා යන ත්‍රි සිංහලයේ පාලින්දනුවර අයත් වූයේ රෝහණ හෙවත් රුහුණු දේශයටයි. ඈත අතීතයේදී
මෙම ප්‍රදේශ රුහුණට අයත්ව පැවති නිසා යුද්ධයන්හි දක්ඛිණ දේශයට ප්‍රහාර එල්ල කරන ලද්දේ මෙම ප්‍රදේශවල
සිට බව කියවේ. එබැවින් මෙම ප්‍රදේශයන් ඈත අතීතයේදී රුහුණට වැදගත් යුධ මධ්‍යස්ථාන වී ඇත. මෙම ප්‍රදේශය ඈත
අතීතයේ සිටම කුඩා හෙල්වලින් යුතු ආරක්ෂිත ස්ථානයක් විය. මෙහි ගමනාගමනය පවා ඉතා දුෂ්කර විය. මේ ප්‍රදේශ
ආරක්ෂා සහිත වීමට එයද හේතු වන්නට ඇත. නොයෙක් හේතු නිසා රජරටින් පැන ආ ජනයා මෙම ප්‍රදේශවල පදිංචි වන්නට
ඇත්තේ මෙම භූගෝලීය පිහිටීම තුළින් ඇතිවු ආරක්ෂිත බව නිසාමය.
පොළොන්නරු රාජ සමයේදී පළමුවන පරාක්‍රමබාහු රජතුමා සිය අනාගත දේශපාලන ගමන්මග සකස් කර ගැනීමට මෙම
ප්‍රදේශයන්හි කුඹුරු අස්වැද්දවීමට කටයුතු කළ බවද කියවේ.
පාලින්දනුවර ඓතිහාසික පසුබිම විමසීමේදී එය අනුරාධපුර, පොළොන්නරු යුග දක්වා ඈතට විහිදුනද ලිඛිත හා හෞතික
සාධක ඔස්සේ පැහැදිලි සාක්ෂි හමුවනුයේ කොට්ටේ යුගයේ සිටයි.
වර්ෂ 1521 දී විජයබා කොල්ලය සිදු වී ලක්දිව රාජධානි තුනක් ඇති විය. ඒ කොට්ටේ, සීතාවක හා රයිගම් වශයෙනි.
එම කාලයේදී පාලින්දනුවර අයත් වූයේ රයිගම් දේශයටයි. නමුත් රයිගම් බණ්ඩාර කුමරු ක්‍රි.ව. 1534 දී මරණයට
පත්වු බැවින් රයිගම් රාජ්‍යය සීතාවකට නතු කර ගන්නා ලදි. මේනිසා පාලින්දනුවරද සීතාවක රාජ්‍යයට ඇතුළත්
විය. ඉන්පසු පාලින්දනුවර පෘතුගීසී පාලන ප්‍රදේශයට ඇතුළත් වූයේ සීතාවක රාජ්‍යය හා කෝට්ටේ රාජ්‍යය
බිදවැටීමත් සමගයි. පාලින්දනුවර ආශ්‍රිත ප්‍රදේශයන් ගමනාගමන පහසුකම් නොමැති හෙල්වැටි සහිත වනගත
ප්‍රදේශයක්ව පැවතුණ හෙයින් මෙහි ප්‍රදේශවාසීහු තරමක් ස්වෛරී තත්වයට පත්ව සිටියහ. මේ නිසාම
පෘතුග්‍රිසීන්ගේ සිරකරුවකු බවට පත්ව සිටියදී වීදිය බණ්ඩාර සිරෙන් පැන පාලින්දනුවරට පැමිණියේය. ඒ ආරක්ෂාව
පතාය. ලාංකික ඉතිහාසයේ වීදිය බණ්ඩාර නාමය අමරණීය වුවද ඔහු පිළිබද බොහෝ අය නොදනි. බුවනෙකබාහු රජුගෙන්
පසුව කෝට්ටේ පාලකයා බවට පත්වු දොන් ජුවන් ධර්මපාල නම් වු කුමරු වීදීය බණ්ඩාර කුමරුගේ පුත්‍රයාය.
වීදිය බණ්ඩාර මුල සිටම පෘතුගිසී විරෝධී දේශප්‍රේමියකු වශයෙන් කටයුතු කළ බව පැහැදිලිය. තමන්ට කරදරයක්වු
මෙම රණශුරයාගේ ඉරණම විසදීම සදහා පෘතුගීසීහු උපායෙන් ඔහුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළහ. වීදියබණ්ඩාර
අත්අඩංගුවට ගැනීමත් සමගම රයිගමට පළා ආ ඔහුගේ බිරිද වු සමුද්‍රා දේවිය හඩා වැලපී දුක්වීම වෙනුවට තම
ස්වාමියා පෘතුගීසී අත්අඩංගුවෙන් මුදවා ගැනීමේ සුක්ෂම වැඩපිළිවෙලක් දියත් කළේ ලාංකික කාන්තාවන්ට සදාකල්
වටිනා ආදර්ශයක් සපයමිනි. උමං කැපීමට අති දක්ෂ පිරිසක් රහසේ ගෙන්වාගත් ඇය ස්වාමියා සිරගතකොට සිටි
පෘතුගීසී හිරගෙදරට විස්මිත උමගක් තනවා වීදියබණ්ඩාර සිරෙන් නිදහස් කරගනු ලැබුවේ පෘතුග්‍රීසීන් පවා
මවිතයෙන් මවිතයට පත් කරමිනි. අනතුරුව රයිගමට ආ වීදියබණ්ඩාර අටලුගම හරහා පැළෑඳට පැමිණියේය. එතැන් සිට
ඔහුගේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වූයේ පැළෑඳ නුවරයි. වීදිය බණ්ඩාර තම බලකොටුව ගොඩනැගීම සදහා පැළැඳ
ප්‍රදේශය තෝරා ගැනීමේදී ආරක්ෂාව හා තම අනාගත අරමුණු පිළිබදව හොදින් අවධානය යොමුකර ඇති බව පැහැදිලිය.
ඔහුගේ බලකොටුව පිහිටි උස් භූමි භාගයට නුදුරින් පළෑඳ ගග පිහිටා ඇත. බලකොටුවේ නැගෙනහිර දෙසින් එම ගංගාව
එහි නැගෙනහිර හා උතුරු ප්‍රදේශය ආවරණය කරමින් විශාල වංගුවක් සහිතව ගමන් කරයි. පැළෑදට දකුණෙන් ගලා බස්නා
මගුරු ගග එහි දකුණු ප්‍රදේශය හා නිරිත දිග ප්‍රදේශය ආවරණය කරමින් ගලාගොස් පැළැන් ගගටම සම්බන්ධවේ. මීට
අමතරව අවටින් පිහිටි කෙළිකන්ද, උඩුවන්කන්ද, මළදුගල කදුවැටිවලින් මෙම ප්‍රදේශයට තවදුරටත් ආරක්ෂාව සැලසේ.
වීදියබණ්ඩාර පැළැන් ගග දිගේ පහළට පැමිණ සීතාවක හා කොට්ටේ රාජධානිවලට රහසිගතව ඇතුළුවිය හැකි අතර ගගදිගේ
ඉහළට යාත්‍රා කිරීම දුෂ්කර බැවින් සීතාවක පාලකයින්ට හෝ පෘතුගීසින්ට ජල මාර්ග ප්‍රයෝජනයට ගැනීම දුෂ්කර
වේ. වීදිය බණ්ඩාර පැළෑදට පැමිණීමත් සමග ඔහුට හිතවත් කෝට්ටේ හා සීතාවක ජීවත්වු පිරිස්ද පාලින්දනුවර අවට
ගම්වලට පැමිණ ඇත. අදටත් පාලින්දනුවර අවට ඇති මිරිහානකන්ද, බොරළුගොඩ ආදි ග්‍රාම නාම ව්‍යවහාර වන්නේ මේ
පිරිස් පැමිණි ගම්වල නාමයන්ම භාවිතා කිරීම තුළිනි. වීදියබණ්ඩාර පැළැදේ සිටි කාල සීමාව කෙටි වුවද ඔහුගේ
බලකොටුවේ නටඹුන් පිරික්සීමේදී එය තාවකාලිකව තැනු මාලිගයක් නොවන බව පැහැදිලි වේ. දැනට එහි පවතින්නේ
ගල්කණු කිහිපයක් පමණි. මෙය තාවකාලිකව කළේ නම් ගල්කණු භාවිතා නොකරයි.
මෙලෙස වීදියබණ්ඩාර සමග පැමිණි පිරිසගෙන් පාලින්දනුවර බල ප්‍රදේශයට අයත්, බොහෝ ග්‍රාමනාම සැකසී ඇත.
පාලින්දනුවර බල ප්‍රදේශයට අයත් “බෙල්ලන” යන ග්‍රාම නාමය සැකසී ඇත්තේ වීදියබණ්ඩාර සතුරු ආක්‍රමණවලට
එරෙහිව ඔත්තු බැලීමට යොදා ගත් “බලන” නම් වු ස්ථානය ආශ්‍රය කොට ගනිමිනි. මෙය පසුව බෙල්ලන ලෙස ව්‍යවහාර
වන්නට විය. පාලින්දනුවරට අයත් “කපුගම” යන ප්‍රදේශය වීදියබණ්ඩාර විසින් ඇති කළ දේවාලවල කපුවන් විසු ගම
ලෙස හැදින්වේ. වීදියබණ්ඩාර සමයේ ප්‍රසිද්ධ යුධ පිටියක් ලෙස හැදින්වෙන යකුපිටියද වීදියබණඩාර සමය ආශ්‍රය
කොටගෙන පටබැදුණු නමකි. වරෙක විදියබණ්ඩාර සේනාව හා සතුරු සේනාව අතර ඇතිවු දරුණු සටනක් නිසා මෙම ප්‍රදේශය
යකුන් නැටු පිටියක් සේ දිස්වු බව කියවේ. ඒ නිසාම “යක්කු නැටු පිටිය” ලෙස හදුන්වන මෙම ප්‍රදේශය
“යකුපිටිය” වු බව කියවේ. පාලින්දනුවර ප්‍රදේශයට අයත් ලත්පදුරද එලෙසම පටබැදුණු නාමයකි. වීදියබණ්ඩාර තම
ඇතා පිට ගමන් කිරීමේදී එක් ස්ථානයක ඇතා දණ ගසා නොනැගිට සිට ඇත. කිහිපවරක් අණ කරනු ලැබුවද ඇතා එම
ස්ථානයෙන් ඉවත් නොවු නිසා විශ්මයට පත් මෙම සෙනවියා විමසිලිමත්ව බලන විට එම ස්ථානයේ තිබු දේවාලය දැක තමා
පැළෑද සිටි සෝමනය පුජා කර ඇත. එම පඩුර ලද දේවාලය සහිත ප්‍රදේශය “ලත්+පඩුර” වී පසුව “ලත්පඳුර” ලෙස
විකාශනය වී ඇත.
පෑළෑද
වීදියබණ්ඩාර කුමරුට හා සෙසු අයට ඔවුන්ගෙන් අවශ්‍යතා මත ආභරණ, ආයුධ තනාගනු ලැබුවේද මෙම පැළැද ගම්මානයෙන්
බව පැවසේ. “පිළින්ද” යනු ආභරණ ලෙස සංස්කෘත භාෂාවේ සලකනු ලැබේ. වීදියබණ්ඩාර කුමරුට ආභරණ සැදූ නිසා මුලදි
පිළින්ද වී පසුව පැළෑද වු බව කියවේ.
වීදියබණ්ඩාර පස්යොදුන් රටට පැමිණෙන වි ට බොහෝ සෙයින් රෑ වු බවත් එවිට පැල් රකිමින් සිටි ගොවියෙක් ඔහුට
නිදාගැනීමට මැස්සක් තනා දුන් බවත් එබැවින් “පැලේ තැනු ඇද” ‘පැළෑද’ වු බව තවත් පුරාවතකි.
මොරපිටිය
වීදියබණ්ඩාර තම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ඔත්තු බැලීමට රැකවලුන් යෙදු ස්ථානයක් යන අරුත් දේ. මුලදි
“මුරහිටිය” ලෙස හැදින්වු මෙය පසු කාලෙක මොරපිටිය වී ඇත.
කෙළින්කන්ද
යුද්ධයට ගිය වීදියබණ්ඩාර තම බිරිදට “කෙළින් බලන් සිටින්න” යැයි පැවසු බවත්, එම බිසව සැමියා එනතුරු
ගමන්මග දෙස කෙළින්බලන් සිටි පෙදෙස ‘කෙළින්කන්ද’ වු බවත් කියවේ.
බාම්පාර
වීදියබණ්ඩාර තම සේනාව සමග යුධපෙරමුණකට යෑමට සුදානම් වී “බලන් පාර” යැයි කියා තමා එනතුරු පාර බලන් සිටින
ලෙස කී බවත් ‘බලන් පාර’ “බාම්පාර” වු බවත් කියවේ.
මිදලන
වීදියබණ්ඩාර සමයේ මෙම ප්‍රදේශයේ මුදල් වැනි වටිනා වස්තු තැන්පත් කර ලබා අති ලෙනක් තිබි ඇති අතර, එබැවින්
මෙම ප්‍රදේශයට ‘මුදල් ලෙන’ ලෙස ව්‍යාවහාර වි පසු කාලයක “මිදලන” වු බවත් කියවේ.
බදුරලිය
අධිරාජ්‍ය සමයේ පනවන ලද උග්‍ර බදු බරට එරෙහිව මෙම ප්‍රදේශයේ රැස්වීමක් පවත්වා ඇත. ඒනිසාම මෙම ප්‍රදේශය
‘බදු රුලිය’ වි පසු කලෙක “බදුරලිය” වු බව කියවේ.
කඹුරාවල
වීදියබණ්ඩාරගේ මාලිගය පිහිටි ප්‍රදේශයට ආසන්නව පිහිටා තිබුණි. අතීතයේදි වීදියබණ්ඩාර ඇතුළු සේනාවට අවශ්‍ය
මැටි භාණ්ඩ නිපදවා ඇත්තේ මෙම ප්‍රදේශයේය. එකල පතල කුඹල් කර්මාන්තය උදෙසා තනන ලද ‘කම්මාරවල’ පසුකලෙක
කඹුරාවල වු බව කියවේ.
කළුකන්දාව
වීදියබණ්ඩාර සමයේ සතුරු සේනාවගේ ඇස නොගැටි සැගවි සිටිමට කදිම ප්‍රදේශයක් වු බැවින් අධික කළු පරිසරයෙන්
යුතු පුද්ගලයෙක් මෙම ප්‍රදේශයේ පදිංචි වි ඇත. ඔහුව “කළු උන්දෑ” ලෙස හැදින්වු බවත් ඔහුගෙන් පැවත එන
බැවින්, කළු උන්දෑ ලෙස ව්‍යවහාර වී පසු කලෙක “කළුකන්දාව” වු බවත් කියවේ.
මෙම ප්‍රදේශයේ ජනතාවගේ පෙලපත් නාමයන් බොහෝමයක් පවා සැකසි ඇත්තේ වීදියබණ්ඩාර කුමරුන් වටාය. වීදියබණ්ඩාරට
අවශ්‍ය අවි ආයුධ තැනු අය පැළැද ගම්ආචාරිගේ ලෙසද, මාළිගය සදහා ගල් සැපයු අය ගල්පාය ලෙසද, බෙල්ලන ග්‍රාමය
භාරව සිටි විදානෙගේ පරපුරෙන් එන අය බෙල්ලන විතාන නමින්ද, වීදිය බණ්ඩාරගේ හමුදාවේ සිටි හේවායන්ගෙන්
හාල්පන්දෙණිය හේවගේ කුල පරම්පරාවද ඇති වු බව කියවේ. වීදියබණ්ඩාරගේ හමුදාවේ ප්‍රධානියකු වු වේලායුදන්
හෙවත් වේලායුද ආරච්චි කළුතර වේලාපුර ප්‍රදේශයෙන් පැමිණි අයෙක් නිසා ඔහුගේ පරපුරෙන් මෙම කුල පරම්පරාව ඇති
විය. ඉද්දගොඩ හේවගේ, මාවනාන හේවගේ යන කුල පරම්පරාවද මෙලෙස ඇති වු ඒවාය. වීදියබණ්ඩාර පස්යොදුන් රටට පළා
එන විට ඔහු සමග ජනතාව බෙහොමයක්ද පැමිණි අතර, කෝට්ටේ මිරිහානෙන් ආ අයගෙන් මිරිහාන කංකානම්ගේ පරපුර ඇති
වු බව කියවේ.
වීදියබණ්ඩාරගේ එක් මුරපොළක් වු මහගලකන්දේ ගිනිහතගල මුරපොළ පරීක්ෂාවට එක් රැයක වීදියබණ්ඩාර යන විටත් ආපසු
එන විටත් ගිනි දල්වා සීපද කියමින් ගොවිතැන් ආරක්ෂා කළ ගමරාළ කෙනෙකුට මගුර ගම්වරයකින් ප්‍රදානය කළ බව
කියවේ. ඔහුගෙන් ඇතිවු පරපුර මගුර ගම ඇතිගේ නම් විය. වීදියබණ්ඩාර තම යුධ අවස්ථාවන්හිදි නොයෙක් අයුරින් කළ
කැපවීම් වෙනුවෙන් පුද්ගලයන්ට නම්බුනාම ලබා දෙන ලදි. ‘රණවීර’ නමින් හැදින්වූයේ එවන් ගරු නාමයකි.
වීදියබණ්ඩාර රජ දවස පාගමනින් පණිවිඩ ගෙනගිය පුද්ගලයා ‘උඩගේ’ ලෙස සැලකු අතර ඔහුගෙන් පැවත එන පරපුර උඩගේ
පරපුර විය. වීදියබණ්ඩාර කුමරුගේ ලේඛන සම්බන්ධව කටයුතු කළ පුද්ගලයාගෙන් පැවත එයි. වීදියබණ්ඩාර සමයේ
දේවාලවල කටයුතු කළ කපුවන්ගෙන් පැවත එන පරපුර ‘පතිරගේ’ නම් වු අතර, දේවාලවල දෙවියන්ට ස්තුති ගිතිකා කියූ
අයගෙන් මෙම පරම්පරාව ආරම්භ විය. වීදියබණ්ඩාර රජතුමා ප්‍රදේශයෙන් ප්‍රදේශයට නායකයන් පත්කරනු ලැබීය. එසේ
පත්කරන නායකයා එම ප්‍රදේශයේ එකම නායකයා විය. මේ එකම නායක පසු කලෙක ‘ඒකනායක’ විය.
ඉහත කරුණු වලින් පෙනී යන්නේ පාලින්දනුවර වර්තමානයේ පමණක් නොව අතිතයේද ඓතිහාසික පාලන මධ්‍යස්ථානයක් බවට
පත් ව තිබු බවයි.